Highlight

Noble Sharing Blog

Blog style Click here to access Noble Sharing Blog, registration required for first time users.

WebMail Access

Nissarana WebMail access Click here for your @nissarana.org webmail accounts, for those who have registered 

Facebook

Facebook on activities Click here te meet Bhante Seelagawesi Thero on Facebook..

Buddhanusti Bhavana

You need Flash player 6+ and JavaScript enabled to view this video.

Playlist: 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8
සීලානුස්සති භාවනාව
Written by වැල්ලවත්තේ සීලගවේසි ස්ථවිර   
Friday, 17 May 2013 13:36

මම / බුද්ධරත්නය සරණ යමි.           ධර්මරත්නය සරණ යමි.

සංඝරත්නය සරණ යමි.

 

දෙවනුවද/ මම / බුද්ධරත්නය සරණ යමි.              ධර්මරත්නය සරණ යමි.

සංඝරත්නය සරණ යමි.

 

තෙවනුවද/ මම / බුද්ධරත්නය සරණ යමි.            ධර්මරත්නය සරණ යමි.

සංඝරත්නය සරණ යමි.

 

මහත් වූ ශ්‍රද්ධාවෙන්/ නිවන් දක්නා ජාති දක්වා ම/ මම තෙරුවන් සරණ යමි.

 

සත්‍යය/ යුක්තිය/ සාධාරණය හා ධර්මය ගරු කරන/ අගතියෙන් බැහැර වූ/ පවට හා වරදට ලැජ්ජා ඇති/ බිය ඇති මම/ හිරිය හා ඕතප්පය ආරක්ෂා වන පරිදි/ කටයුතු කිරීමට අධිෂ්ඨාන කරමි.

 

ප්‍රාණඝාත අකුසලයෙන් මිදී/ සත්ව කරුණාව දියුණු කරමි.

 

අදත්තාදානයෙන් වැළකීමටත්/ ධාර්මිකව ධනය සපයා ගැණීමටත්/ උනන්දු වෙමි./ එසේම/ මසුරුකමින් බැහැරව/ ත්‍යාගශීලි කෙනෙකු වෙමි.

 

වැරදි ලෙස කම්සැප සෙවීමෙන් වැළකී සිටිමි/ තවද/ පිරිසිදු බ්‍රහ්මචාරී සීලය සමාදන්ව/ පිළිවෙත් පිරීමට ඉඩකඩ ලබාගනිමි./ හැමවිටම/ විශ්වාසය තහවුරු වන පරිදි කටයුතු සංවිධානය කරගනිමි.

 

මුසාවාදයෙන් වැළකී/ සත්‍යගරුක වෙමි.

 

පිසුණාවාචයෙන් වැළකී/ මිත්‍රත්වය හා සුහදතාවය තහවුරු කරමි.

 

පරුෂවචනයෙන් වැළකී කටයුතු කරමි./ වරද ඉවසමි./ එසේම/ සමාව දෙමි./ වරද නිවැරදි කරගැණීම පිණිස/ මගපෙන්වීමට ඉඩක් ඇති කල්හි/ ඒ සඳහා දයානුකම්පාවෙන් ඉදිරිපත් වෙමි.

 

සම්පප්‍රලාපයෙන් වැළකී සිටිමි./ මෙලොව, පරලොව හිතසුව පිණිසත්/ නිර්වාන ශාන්තිය පිණිසත් හේතුවන/ සද්ධර්මයෙහි පිහිටා වචනය මෙහෙයවමි.

 

මිත්‍යා ආජීවයෙන් වැළකී/ සම්මා ආජීවයෙහි යෙදෙමි./ එසේම/ ධාර්මිකව ජීවත්වීමට උපකාර වන/ උපාය මාර්ගයන්හි/ නිපුණත්වය ඇති කෙනෙක් වෙමි.

 

තුණුරුවන් කෙරෙහි/ අචල වු ශ්‍රද්ධාවෙහි පිහිටා/ කටයුතු කරන්නට/ මෙම සීලමය ප්‍රතිපත්ති පූජාව හේතු වේවා!

 

බෝධිසත්ව ගුණධර්ම හඳුනාගෙන/ පාරමීදම් පුරන්නට/ මෙම සීලමය ප්‍රතිපත්ති පූජාව හේතු වේවා!

 

සතර ඍද්ධිපාද දියුණු කරගැනීමට/ මෙම සීලමය ප්‍රතිපත්ති පූජාව හේතු වේවා!

 

සප්ත බොජ්ඣංග ධර්ම මනාසේ වඩන්නට/ මෙම සීලමය ප්‍රතිපත්ති පූජාව හේතු වේවා!

 

දුක්ඛ,/ සමුදය,/ නිරෝධ,/ මාර්ග යන/ චතුරාර්ය සත්‍යය අවබෝධ කොට/ නිවන් සාක්ෂ්‍යාත් කිරීමට/ මෙම සීලමය ප්‍රතිපත්ති පූජාව හේතු වේවා!

 

සාදු! සාදු!! සාදු!!!   

                            

 

 

 

Comments (0)Add Comment

Write comment
You must be logged in to a comment. Please register if you do not have an account yet.

busy
 

Login Form




[+]
  • Increase font size
  • Decrease font size
  • Default font size